Tuesday, 30 December 2025

​"ජීවිතය කියන්නේ අභියෝග සහ අත්දැකීම් පිරුණු ගමනක්. මේ ගමන වඩාත් අර්ථවත් සහ සාර්ථක කරගන්න අවශ්‍ය වටිනා ජීවන පාඩම් සහ අදහස් රැසක් මේ ලිපියෙන් කියවන්න. ජීවිතය දෙස අලුත් විදිහකට බලන්න අදම එක්වන්න."

 

ජීවිතය කියන්නේ වරක් පමණක් ලැබෙන තෑග්ගක්: ඔබ එය සැබවින්ම අගය කරනවාද?



අපි හැමෝම මේ ලෝකයට එන්නේ හිස් අතින්. ඒ වගේම දවසක යන්නෙත් හිස් අතින්. නමුත් මේ උපත  සහ මරණය අතර ගෙවෙන කාලය - අන්න ඒක තමයි "ජීවිතය" කියන්නේ. ඔබ කවදාහරි මොහොතකට නතර වෙලා හිතලා තියෙනවාද, "මම ඇත්තටම ජීවත් වෙනවද, නැත්නම් නිකම්ම කාලය ගත කරනවද?" කියලා. අද කාලේ අපි හැමෝම ඉන්නේ මහා රේස් එකක දුවමින්. සල්ලි පස්සේ, ජනප්‍රියත්වය පස්සේ, එහෙමත් නැත්නම් අනුන්ට පේන්න ලස්සන ජීවිතයක් මවාගන්න අපි දුවනවා. ඒ හදිස්සිය අස්සේ තමන්ගේ හුස්ම ගැනවත් අවධානයක් නැති තරමටම අපි මේ සමාජය තුළ කාර්යබහුල වෙලා.

 

බොහෝ දෙනෙක් ජීවිතය විඳින්න බැරිව ඉන්නේ කාරණා දෙකක් නිසා:

  1. අතීතය ගැන පසුතැවීම: "එදා මම ඒක කළා නම් මගේ ජීවිතය මීට වඩා වෙනස් වෙන්න තිබුණා."
  2. අනාගතය ගැන බය: "මම හෙට මොනවා කරයිද? මට සල්ලි තියෙයිද?"

 

හැබැයි ඇත්ත මේකයි. අතීතය දැන් ඉවරයි, අනාගතය තවම ඇවිත් නැහැ. අපිට තියෙන එකම සැබෑ දේ "අද දවස" විතරයි. අද දවසේ සතුටින් ඉන්න බැරි කෙනෙකුට, කවදාවත් අනාගතයේදීත් සතුටින් ඉන්න බැහැ. ජීවිතය යනු බයිසිකලයක් පැදීම වැනිය. සමබරතාවය පවත්වා ගැනීමට නම් ඔබ නිරන්තරයෙන් ගමන් කළ යුතු බව ඇල්බට් අයින්ස්ටයින් පවසා ඇත.

 

වර්තමානයේ අපේ සතුට උදුරාගන්නා ප්‍රධානම සතුරෙක් තමයි දුරකථනය විශේෂයෙන් සමාජ මාධ්‍යය. අපි Facebook හෝ Instagram එකේ දකින අනුන්ගේ "Edit" කරපු ලස්සන පින්තූර එක්ක අපේ සැබෑ ජීවිතය සසඳනවා. මතක තබාගන්න, ඔබ දකින්නේ ඔවුන් පෙන්වීමට කැමති කොටස විතරයි. ඔවුන්ටත් ප්‍රශ්න, කඳුළු සහ අභියෝග තියෙනවා.

ස්ටීව් ජොබ්ස් ජීවිතය පිළිබඳව මෙසේ පවසා ඇත.

 "ඔබේ කාලය සීමිතයි, ඒ නිසා වෙනත් අයෙකුගේ ජීවිතයක් ජීවත් වෙමින් එය අපතේ හරින්න එපා."

ඔබේ ගමන තවත් කෙනෙකුගේ ගමනක් එක්ක සසඳන්න එපා. ඔබ ලෝකයට ආවේ ඔබේම අනන්‍යතාවයකින්, ඒ නිසා ඔබේ ජීවිතය අනුන්ගේ මිනුම්දඬුවලින් මනින්න එපා.

සතුට තියෙන්නේ කොහේද?

අපි හිතනවා සතුට තියෙන්නේ අලුත් කාර් එකක හෝ මාලිගාවක් වගේ ගෙදරක කියලා. හැබැයි ජීවිතයේ නියම සතුට තියෙන්නේ හරිම සරල දේවල් අස්සේ:

  • නිදහසේ හුස්මක් ගන්න පුළුවන් නිරෝගීකම.
  • ආදරණීය අම්මා, තාත්තා, සහකරු හෝ දරුවන් එක්ක ගත කරන පුංචි වෙලාව.
  • හවසට බැස යන හිරු දෙස බලා ඉන්න පුළුවන් නිදහස් කාලය.

 

 ජීවිතයේ අභියෝග කියන්නේ වටිනා පාඩම්………

ජීවිතය කියන්නේ අභියෝගාත්මක ගමනක්. ඒ ගමන සාර්ථකව සහ සතුටින් ගත කරන්නේ කොහොමද? ප්‍රශ්නයක් ආවාම ජීවිතය එපා වෙන එක සාමාන්‍යයි. හැබැයි මතක තබාගන්න, දියමන්තියක් පවා දිලිසෙන්නේ හොඳට තැළුම් කෑවට පස්සේ. ඔබ අද මුහුණ දෙන අභියෝගය හෙට ඔබේ ශක්තිය බවට පත් වෙනවා. ජීවිතය කියන්නේ රෝස මල් ඇතිරූ පාරක් නෙවෙයි, ඒත් ඒ පාරේ තියෙන ගල්, බොරළු පවා ඔබව ශක්තිමත් මිනිසෙක් කරනවා. අරමුණක් ඇතිව (Purpose) ජීවත් වන්න; එය කුඩා හෝ වේවා, එයින් ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු වේ.

 

මතක තබාගන්න...

ඔබ අවුරුදු කීයක් ජීවත් වුණාද කියන එකට වඩා වැදගත් වෙන්නේ, ඔබ ජීවත් වුණු අවුරුදු ටික තුළ කොයිතරම් ජීවිතයක් තිබුණාද (Life in years, not years in life) කියන එකයි.

"මට නැති දේ" ගැන හිතනවා වෙනුවට "මට තියෙන දේ" ගැන සතුටු වෙන්න පටන් ගන්නා මොහොතේ ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගනීවි.

අදම තීරණය කරන්න අතීතයේ දම්වැල්වලින් මිදෙන්න. අනාගතය ගැන තියෙන බය අතහරින්න. මේ මොහොතේ ඔබේ හද ගැස්ම අහන්න. ඒ හද ගැස්ම ඔබට කියන්නේ ඔබ තවමත් ජීවතුන් අතර ඉන්න බවත්, ඔබට තවමත් ඕනෑම දෙයක් වෙනස් කළ හැකි බවත්ය.


අවසාන වශයෙන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා:

අද දවසේ ඔබව සැබවින්ම සතුටු කළ එකම එක පුංචි දෙයක් හෝ තිබුණාද? ඔබේ හිතට දැනුණු ඒ පුංචි දේ මොකක්ද කියලා පහළින් Comment කරන්න. ඔබේ සතුට තව කෙනෙකුට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්.

 

 

87 comments:

  1. Thathsara Devinda30 December 2025 at 18:47

    ❤️😍

    ReplyDelete
  2. Salli walata ganna bari ekama de sathuta,enisa labuna jivithe sathutin saralawa gatha kranna,❤️❤️

    ReplyDelete
  3. ,❤️🥰🥰

    ReplyDelete
  4. ❤️🥰🥰😍

    ReplyDelete
  5. ♥️Maru super

    ReplyDelete
  6. ❤️❤️❤️

    ReplyDelete
  7. ❤️❤️❤️❤️

    ReplyDelete
  8. සුපිරියක් තමයි. තව blog එකක් ඕන❤️❤️❤️

    ReplyDelete
  9. Mahesha Senevirathne30 December 2025 at 22:19

    Simple, clear and impressive. Well done! 🥰🥰🥰

    ReplyDelete
  10. සතුට කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් දෙයක්නෙමේ...ඉතින් ජීවිතේ ගෙවන හැමැ තත්පරයක්ම සතුටින් ඉන්න පුරුදු වෙන්න♥️♥️♥️

    ReplyDelete
  11. ඇත්තට ම සතුට කියන්නේ තමන් ජීවිතේ විදින මොහොතවල් ♥️ ඉතිං ජීවත් වෙලා ඉන්න හැම මොහොතෙම ගෙවන හැම තප්පරයක් ම සතුටින් ඉන්න..♥️♥️♥️

    ReplyDelete
  12. Good job♥️♥️

    ReplyDelete
  13. ජීවිතේ රේස් එකක් කරගත්තම ඇත්තම ජීවිතේ මගහැරෙනවා...ජිවිතෙ කියන්නෙම එකිනෙකාට ලැබුනු ලොතරැයියක්...ජීවිතේ විදින අතරෙ රැස් කලයුතු දෙවලුත් තියනවා..හැමදේම සමබර කෙනාගෙ ජීවිතේ ලස්සනයි..❤️🫶

    ReplyDelete
  14. Super 😍👍🏼

    ReplyDelete
  15. මාරම ලස්සනට blog එක ලියලා.❤️

    ReplyDelete
  16. Chamila Ranatunga8 January 2026 at 05:35

    වර්තමානයේ ජීවත් වීම ලොකුම සතුටයි. අතීතය ගෙවීගොස් ඇති අතර අනාගතය තවම පැමිණ නැත.

    ReplyDelete

සාර්ථක ජීවන ගමන් මඟට කාල කළමනාකරණය

ලෝකයේ වටිනාම වස්තුව රන් හෝ දියමන්ති නොව , ' කාලය ' බව මනුෂ්‍ය ඉතිහාසය පුරාම ඔප්පු වී ඇති සත්‍යයකි. අප සැමට උරුම වන්නේ දිනකට තත්පර 8...